"වොරියර් කුසලාන සත් සමාජික රග්බි තරගාවලිය" සඳහා ගුවන් හමුදාවෙන් කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කෙරේ
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගතවූ වසර දෙකක පමණ තරග රහිත කාලයකින් පසු ශ්‍රී ලංකා ක්‍රීඩා සමාජ "වොරියර් කුසලාන රග්බි තරගාවලිය" ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය යන අංශ එක්ව 2021 ඔක්තෝම්බර් 30 සහ 31 දෙදින පෙරවරු 11.00 වොරියර් කුසලාන රග්බි තරගාවලිය කොළඹ පොලිස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මේ සඳහා ප‍්‍රධාන අනුග‍්‍රහය දක්වන්නේ ඩයලොග් ආසියාටා ආයතනයි.

මෙම තරගාවලිය සාර්ථකව කර ගැනීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් උපරිම සහයෝගය ලබා දෙන අතර තරඟාවලිය සඳහා ගුවන් හමුදා කණ්ඩායම් දෙකක් තරඟ වැදීමට නියමිතව ඇත. 2021 නොවැම්බර් මාසයේ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවැත්වෙන ආසියානු "සෙවනස් තරගාවලිය" සඳහා වන සංචිතය තෝරා ගැනීමට ද ජාතික රග්බි තේරීම් කමිටුව "වොරියර් කුසලාන  සත් සමාජික රග්බි තරගාවලිය" යොදා ගැනීමට නියමිතව ඇත.

මෙම තරගාවලිය ප්‍රේක්ෂකයන් රහිතව පැවැත්වීමට තීරණය වී ඇති අතර ඩයලොග් රූපවාහිනී නාලිකා අංක 21 ඔස්සේ සජීවී ව විකාශය කෙරෙන අතර  Dialog VIU , Supreme Tv, The Papare.com විකාශය කෙරේ.අවසන් මහා තරගය 2021 ඔක්තෝබර් 31 වන දින පස්වරු 04.00  කොළඹ පොලිස් පාර්ක් ක්‍රීඩාංගණයේම පැවැත්වීමට තීරණය කර ඇත.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් 2021 අගෝස්තු මස රත්මලානේදී පැවැති ගුවන් හමුදාධිපති කුසලාන රග්බි තරගාවලියෙන් පසු පැවැත්වෙන රග්බි තරගාවලිය මෙය වන අතර රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් නියම කර ඇති සෞඛ්‍ය සහ ආරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව වොරියර් කුසලානය ක්‍රීඩා කිරීමට කටයුතු යොදා ඇත.මේ සඳහා කණ්ඩායම් තරඟාවලියට දින දෙක පෙර ජෛව බුබුලක් හරහා හුදකලා පුහුණුවීම් සිදු කරනු ලබන අතර ප්‍රතිදේහජනක පරීක්ෂණද සිදු කරයි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි