ගුවන් හමුදාපති තුමාගේ වාර්ෂික පරීක්‍ෂණය වීරවිල ගුවන් හමුදා කඳවුර 2021
9:38am on Monday 20th December 2021
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් වීරවිල ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණය 2021 දෙසැම්බර් මස 6 වැනි දින පවත්වන ලදී.

වීරවිල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් රජින්ත් ජයවර්ධන නිළධාරීතුමන් විසින් අණදෙන ලද පරීක්‍ෂණ පෙළපාලිය ගුවන් හමුදාධිපතිතුමා විසින් පරීක්ෂා කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කදවුරු ඉතිහාසයේ ගුවන් හමුදාපති වරයෙකුට අණදෙන නිළධාරීන්ගෙන් සමන්විත පරීක්‍ෂණ බලඝණ පෙළපාලියක් හිමි වූ පළමු අවස්ථාවද මෙය වේ.

පරීක්ෂණ පෙළපාළියෙන් අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් සියලුම අංශ ඇතුළුව කඳවුරු මූලස්ථානය සහ අංක 03 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය නිරීක්ෂණය කරන ලදී. අලුතින් ඉදිකරන ලද ගුවන් හමුදාපති නිවාඩු නිකේතනය විවෘත කිරීමද  ගුවන් හමුදාපති තුමන් විසින් සිදු කරන ලදී.ගුවන් හමුදා වීරවිල කදවුරේ අණදෙන නිළධාරීන්ගේ සහ ව්‍යාපෘති ඉංජිනේරු ෆ්ලයිට් ලෙෆ්ටිනන් නුවන් ධර්මකීර්ති මහතාගේ අධීක්‍ෂණය යටතේ කටුනායක සිවිල් ඉංජිනේරු අංශයේ සහ වීරවිල කදවුරේ වැඩ අංශයේ සිවිල් ඉංජිනේරු භට පිරිස් විසින් මෙම නව ගුවන් හමුදාපති නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමා විසින් කඳවුරේ සියලුම සාමාජිකයින් අමතා ගුවන් හමුදාවේ දැක්ම සහ මෙහෙවර සාක්ෂාත් කර ගැනීම සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරෙහි දායකත්වය පිළිබඳව අවධාරණය කළේය. වීරවිල ගුවන් හමුදා කඳවුරෙහි අණදෙන නිළධාරි තුමන් ඇතුලු කඳවුරේ සියලුම සාමාජිකයින් කඳවුර ඉතා හොදින් පවත්වාගෙන යාම පිළිබඳව ප්‍රශංසාවට ලක් කල අතර ගුවන් හමුදාපතිතුමන් කොළඹ බලා පිටත්ව යාමට පෙර මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිහිටි ගුවන් හමුදා පහිනාංකයේ නිරීක්ෂණ චාරිකාවකට ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි