අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 26 වන සංවත්සරය සමරයි.
9:42am on Monday 20th December 2021
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 26 වන සංවත්සරය 2021 නොවැම්බර් මස 24 වන දින සමරන ලදී.1995 නොවැම්බර් මස 24 වැනි දින ස්ථාපිත කරන ලද අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය රිවිරැස මෙහෙයුමේ සිට 2009 වසරේ මානුෂීය මෙහෙයුම් අවසන් වන තෙක් දශක තුනක පුරාවට පැවති යුධමය වාතාවරණය  තුළ ත්‍රිවිධ හමුදාව විසින් සිදු කරන ලද සියලුම ප්‍රහාරක මෙහෙයුම්වලට අගනා මෙහෙයක් ඉටු කරන ලදී.

සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් සංවත්සර දින පෙළපාලිය සිදුකරනු ලැබූ අතර එය අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයේ වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩීඅයි විජේතිලක නිළධාරීතුමන්ගේ පරීක්ෂාවට ලක්විය.ඉන් අනතුරුව බලඝණ පරිශ‍්‍රයේදී රුක් රෝපණ වැඩසටහනකින් සංවත්සර දින වැඩසටහන ආරම්භ විය.

ගුවන් හමුදා හිඟුරක්ගොඩ මුලික කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේඒපීඑස් කුරුවිට මහතාගේ ප‍්‍රධානත්වයෙන් සියලුම අණදෙන නිළධාරීන් සහ නිළධාරීන් ගේ සහභාගීත්වයෙන් අංක 09 හෙලිකොප්ටර් බලඝණයෙහි මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් එම්අයි 24 ස්මාකයට පුෂ්පෝපහාර දැක්වූ අතර පසුව බලඝණයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් ද පැවැත්විණි.

මීට අමතරව සංවත්සරය නිමිත්තෙන් කවුඩුල්ල ජය මහා විහාරය ප්‍රතිසංස්කරණය කිරීමේ ශ‍්‍රමදාන  වැඩසටහනක් සහ වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කීරීමක් ද මේ හා සමගාමීව සිදුකරන ලදී.කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද සියලු  මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම සංවත්සරයේ කටයුතු සිදු කරන ලදී.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි