සේවා වනිතා ඒකකයෙන් මියගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි
4:54pm on Monday 21st February 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන අනුලා ප්‍රනාන්දු නිවාස ව්‍යාපෘතිය යටතේ ගුවන් හමුදා සේවයෙහි යෙදි සිටියදි 2007 ඔක්තෝම්බර් මස 22 වන දින අනුරාධපුර කඳවුරේදී ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය බලපන්ති සැරයන් අස්වැද්දුම රණවිරුවාගේ බිරිද හා දරුවන් දෙපල වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කිරිමේ උත්සවයක් පසුගියදා (18) නුවර මැණික් හින්න ප්‍රදේශයේදි ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නෙළුන් ගුණතිලක මැතිණිය අතින් සිදුවිය.

මිලිනයක් වටිනා මෙම නිවස ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ අනුග්‍රහයෙන් හා සීගිරිය කඳවුරු අණදෙන නිළධාරි විංග් කමාණ්ඩර් චමින්ද ද සිල්වා මහතාගේ අදීක්ෂණය යටතේ  ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.

මෙම නිවස පරිත්‍යාග කිරිමේ නිල උත්සවය සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජික සාමාජිකාවන් මෙන්ම සිගිරිය කදවුරු අණදෙන නිලධාරි විංග් කමාණ්ඩර් චමින්ද ද සිල්වා මහතා ද මේ අවස්ථාවට එක් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි