ගුවන් හමුදා උණුසුම් හරසර මධ්‍යයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණුඩායම හම්බන්තොට බලා ගුවනින් පිටත්වේ
5:03pm on Monday 21st February 2011
ලග එන ලෝක කුසලාන තරගාවලියේ හම්බන්තොටදී  පැවැත් වීමට නියමිත කැනඩාව හා ශ්‍රී ලංකා කණ්කාව අතර එක්දින  තරගය උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද මධ්‍යනයෙදී ගුවන් හමුදා උණුසුම් හරසර මධ්‍යයේ හම්බන්තොට බලා එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා මගින් ගුවනින් පිටත් විය.

ගුවන් හමුදා කොළඹ රයිෆල් ග්‍රීන් ක්‍රීඩංගනයට පමිණි ක්‍රිකට් කණ්ඩායම ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එන්.එච්. ගුනරත්න හා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කෝලිත ගුණතිලක විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

මෙම සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සන්ගක්කාර සහභාගි නොවූ  අතර උප නායක මහේල ජයවර්ධන හට ගුවන් හමුදා කොළඹ කදවුරේ 28 වන රෙජිමේන්තු පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් අතුල නානායක්කාර විසින් මල් කලබක් පිරිනමන ලදී.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා කොළඹ කදවුරේ සේවයේ නියුතු සියලුම නිළධාරීන් ඇතුළු සෙසු නිලයන් ද සහභාගි වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි