ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ උසම ස්ථානයේදී (පිදුරුතලාගල ගුවන් හමුදා කඳවුර) සර්ව රාත්‍රී පිරිත් සජ්ඣායනා වැඩසටහනක් පවත්වයි.
9:04am on Friday 29th April 2022
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර විසින් 2022 ජනවාරි 01 වන දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා වැඩසටහනක් පැවැත් වූ අතර ඉන් අනතුරුව දානමය පිංකමක් සිදු කරන ලදී. මෙය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, අතිගරු ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන්, සියලුම ගුවන් හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහ සමස්ත ජාතිය වෙත සෙත් පතා මෙම වැඩසටහන පවත්වන ලදී.

තවද, ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ අඛණ්ඩව දෙවන වරටත් පිරිත් සජ්ඣායනා වැඩසටහන් එකම කාලසටහනකට අනුව මුළු ශ්‍රී ලංකාවේම පිහිටි සියලුම කඳවුරු සහ ස්ථානවලදී එකවර පවත්වනු ලැබුවේ,2022 නව වසර උදාවේදී මෙම අභියෝගාත්මකව කාලවලදී  ඉදිරියට යන්න  සමස්ත දිවයිනටම ශක්තිය හා ධෛර්යය ලබා ගැනීමට ආශිර්වාද කිරීම සඳහාය.මෙම සිදුවීම COVID-19 වැළැක්වීම සඳහා පිහිටුවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමෙන් සිදු කරන ලදී.

SLAF Base Hingurakgoda


SLAF Station Pidurutalagala

SLAF Base Ratmalana

SLAF Base Vavuniya


SLAF Station Mirigama

SLAF Station Sigiriya

SLAF CTS Diyatalawa

SLAF Station Morawewa

SLAF Base Katunayake

SLAF Station Katukurunda

SLAF Station Palaly
     
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි