ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ රසායනාගාර සංකීර්ණය විවෘත කිරීම
1:52pm on Wednesday 22nd June 2022
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ වෛද්‍ය අංශයේ අලුතින් ඉදිකරන ලද හදිසි ප්‍රතිකාර ඒකකය,රසායනාගාර සංකීර්ණය, බළලත් නිළධාරීන්ගේ සහ ‍ඡේෂ්ඨ අණ නොලත් නිළධාරීන්ගේ රාජකාරි විවේකාගාරය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් අද (2022 ජනවාරි 14) දින විවෘත කරන ලදී. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සිහිපත් කිරීම සඳහා පැළයක් ද රෝපණය කරන ලදී.

පාලවි ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී  ගෲප් කැප්ටන් ජගත් ගොඩකන්ද මහතාගේ අධීක්‍ෂණය යටතේ හදිසි ප්‍රතිකාර ඒකකය සහ රසායනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් අවසන් කරන ලදී.

මෙම අවස්ථාව සදහා පාලවි ගුවන් හමුදා කදවුරේ නිළධාරීන් සහ සෙසු නිළයන් සහභාගී වු අතර COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව පවත්වන ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි