නීලගිරි සෑය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මුල්ගල තබයි
2:00pm on Wednesday 22nd June 2022
 අම්පාර නීලගිරි සෑයට මුල්ගල තැබීම අද (2022 ජනවාරි 16)දින ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ පුරාවිද්‍යා උරුම කළමනාකරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ නැගෙනහිර පළාතේ සභාපති ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි

පානම බෝධිරුක්ඛාරාම විහාරාධිපති, පානම චන්ද්‍රරතන හිමි, ලාහුගල මගුල් මහා විහාරාධිපති, ඉඳිගස්වැල්ලේ පුඤ්ඤසාර හිමි, නා උයන විහාරාධිපති, අඟුල්ගමුවේ ආරියනන්ද හිමි ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි මෙම අවස්ථාව පැවැත්විණි. මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, වැඩබලන සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ එයාර් කොමදෝරු උදුල විජේසිංහ, ගුවන් හමුදා අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු වරුණ ගුණවර්ධන, සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මිය ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යාංශයේ සාමාජිකයින් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් පරිදි  ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිලිවෙල සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු අංශයේ දායකත්වයෙන් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් මෙම උත්සවය පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි