කොළඹ ගුවන් හමුදා රෝහල 08 වැනි සංවත්සරය සමරයි
2:15pm on Tuesday 12th July 2022
කොළඹ ගුවන් හමුදා රෝහල සිය 08 වන සංවත්සරය අද (2022 ජූලි 01) සමරනු ලැබීය. අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් පී.ඒ.වී පද්මපෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සංවත්සර දින සැමරුම් ආරම්භ විය. රැස්ව සිටි පිරිස අමතමින් අණදෙන නිළධාරී තුමා රෝහල ආරම්භ කිරීමේ සිට මේ දක්වා එහි සංවර්ධනයට දායක වූ අතීත අණදෙන නිලධාරීන්, වෛද්‍ය නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, වෛද්‍ය සහ සිවිල් කාර්ය මණ්ඩලයට සිය ස්තුතිය පුද කළේය.

විශේෂයෙන් රටෙහි පවතින මෙම වසංගත තත්ත්වය තුළ දැනට රෝහලේ සංවර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම සහ සක්‍රීය දායකත්වය පිළිබඳව ස්තුතිය පුදකරමින් අණදෙන නිළධාරී විසින් සියළුම වෛද්‍ය සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී.

මෙදින බොරැල්ල ලංකාතිලකාරාමය වෙත වියළි සලාක සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීම අණදෙන නිළධාරී, සියලුම නිලධාරීන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ රෝහලේ සිවිල් සේවකයින්ගේ සහභාගීත්වයෙන් සිදු විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු රෝහල පසුගිය වසර 07 පුරාවට වෛද්‍ය සායන, ලේ දන්දීමේ ව්‍යාපාර ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සමඟින් සංවත්සර දින සැමරුම් සිදුකළ නමුත් රටේ වත්මන් තත්ත්වය අනුව මෙවර එම කටයුතු සීමිත විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු රෝහල එහි දැක්ම සහ මෙහෙවර සාක්ෂාත් කර ගැනීමට උත්සාහ කරන අතරම අනාගත සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීම සඳහා සිය කැපවූ සේවාව දිගටම කරගෙන යනු ඇත.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි