ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම "21 වැනි ආදී විජයන්ගේ අභියෝග කුසලාන" හොකී තරඟාවලිය -2022 ජය ගනී
2:46pm on Tuesday 12th July 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි "ඒ" කණ්ඩායම "21 වැනි පැරණි විජයන්ගේ අභියෝග කුසලාන ශූරතාවලියේ ශූරතාව දිනාගත් අතර පිරිමි "බී" කණ්ඩායම සහ කාන්තා "ඒ" කණ්ඩායම පිළිවෙලින් පිරිමි අනුශූරතාව සහ කාන්තා අනුශූරතාව දිනා ගත්හ. මෙම සමස්ත ලංකා අන්තර් සමාජ සත් සාමාජික හොකී තරඟාවලිය 2022 ජූලි 9 වන දින සිට 10 වන දින දක්වා මාතලේ එඩ්වඩ් පාර්ක් හි හොකී පිටියේ දී පැවැත්විණි. තරඟාවලිය සංවිධානය කරන ලද්දේ මාතලේ ආදි විජයන්ගේ ක්‍රීඩා සමාජය විසිනි.

පිරිමි කුසලාන අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නාවික හමුදා “ඒ” පිල ලකුණු 02-01කින් පරාජය කළ අතර ආදි විජයන්ගේ ක්‍රීඩා සමාජය විසින් ලකුණු 01-00 කින් ගුවන් හමුදා “බී” පිල පරාජය කරන ලදි. කාන්තා අවසන් තරගයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව “ඒ” පිල විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා “ඒ” පිල " 01- 00 ලෙස පරාජය කරන ලදී.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විජය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාර මහතා සහභාගි විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි