ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් "2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා " තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරයි
4:56pm on Tuesday 26th July 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 2022 ජූලි 28 සිට අගෝස්තු 08 දක්වා එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවැත්වෙන “පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022” සඳහා තරඟ වදිනු ඇත. මෙම කණ්ඩායම ජූඩෝ, බීච් වොලිබෝල්, ක්‍රිකට්, රග්බි සහ බොක්සිං යන තරඟකරුවන්ගෙන් සමන්විත වේ. 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන සියලුම ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සිය සුබ පැතුම් එක් කළේය.

 

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි