කටුනායක ගුවන් හමුදා කදවුරේ පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය 7 වැනි සංවත්සරය සමරයි
2:02pm on Monday 8th August 2022
කටුනායක ගුවන් හමුදා කදවුරේ පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය සිය 7 වැනි සංවත්සරය ඊයේ (2022 අගෝස්තු 05) සමරන ලදී. නවෝත්පාදන සහ දේශීය සංවර්ධනය ප්‍රමුඛව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන් වැඩිදියුණු කිරීමේ මූලික දැක්ම ඇතිව පර්යේෂණ හා සංවර්ධන අංශය 2015 වසරේ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පිහිටුවන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලුම සංයුතීන්ට ඔවුන්ගේ පර්යේෂණ සහ සංවර්ධන කාර්යයන් සහාය වන අතරම ගුවන් හමුදාවේ ගුවන් යානා සදහා කුරුල්ලන්ගෙන් වන අනතුරු වලක්වා ගැනීමට කුරුළු විකර්ෂක පද්ධතියක් , ආසවනය කළ ජල නිෂ්පාදන කම්හල සහ රට තුළ පවතින බලශක්ති අර්බුදයට මුහුණ දීම සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැනි විශේෂ ව්‍යාපෘති රාශියක් මෙම පක්ෂාංගය විසින් සාර්ථකව සිදු කරයි.
 
පර්යේෂණ හා සංවර්ධන පක්ෂාංගය සිය 7 වැනි සංවත්සරය සනිටුහන් කරමින් කඳවුරු රෙජිමේන්තු පිටියේදී සියලුම පක්ෂාංග සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් සුහද ක්‍රිකට් තරඟාවලියකින් අනතුරුව පක්ෂාංග පරිශ්‍රයේදී රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී. තවද සංවත්සරයට සමගාමීව 2022 අගෝස්තු මස 04 වන දින කුරණ, විමලවංශාරාම විහාරස්ථානයේදී ආගමික වතාවත් සහ මහා සංඝරත්නය වෙත දානමය පිංකමක් ද අණදෙන නිළධාරී ඇතුලු සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි