ආරක්ෂක සේවා ක්‍රිඩා මන්ඩලය ගුවන් හමුදා මූලස්ථානයේදී රැස්වෙයි
8:36am on Friday 9th September 2022
නව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022/2023 වසර සඳහා ආරක්ෂක සේවා ක්‍රිඩා මණ්ඩලයේ (DSSB) පළමු රැස්වීම අද (2022 සැප්තැම්බර් 01) උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. මෙම හමුව සඳහා යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්වරු ද සහභාගී වූහ. මීට අමතරව මෙම අවස්ථාවට ගුවන් හමුදා ක්‍රිඩා අධ්‍යක්ෂ, එයාර් කොමදෝරු සේනක ප්‍රනාන්දුපුල්ලේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ බ්රිගේඩියර් නලින් බණ්ඩාරනායක, ශ්‍රී ලංකා නාවික හමුදා අධ්යක්ෂ, කොමදෝරු රොෂාන් අතුකෝරල, ගුවන් හමුදා ක්‍රීඩා කවන්සිල ලේකම්, ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ගුවන් හමුදා ක්‍රීඩා කවන්සිල භාණ්ඩාගාරික විංග් කමාන්ඩර් නන්දික හුරේගොල්ල යන නිළධාරීන්ද සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි