නව නිලධාරීන්ගේ නිවස්නය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී
8:59am on Friday 9th September 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ විසින් (2022 සැප්තැම්බර් 03) දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරීන්ගේ නිවස්නය විවෘත කරන ලදී.

මෙම ව්‍යාපෘතිය කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ දිගුකාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් ඉදිකරන අතර එය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි මහතාගේ මගපෙන්වීම යටතේ සිදු කෙරිණි.  අලුතින් ඉදිකරන ලද නිලධාරීන්ගේ නිවස්නයේ කටුකුරුන්ද නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් වැඩිදියුණු කරන කාමර දොළහකින් සමන්විත වේ. මෙම ව්‍යාපෘතිය සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්‍ෂාංගය හරහා නිම කරන ලදී. මීට අමතරවල අණදෙන නිළධාරීතුමන්ගේ මගපෙන්වීමකට අනුව ආරම්භ කරන ලද  නව කෘෂිකාර්මික ගොවිපල නැරඹිම සදහාද ගුවන් හමුදාධිපතිතුමන් සහබාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි