ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානාහි පිහිටි ජාතික ගුවන් ආරක්ෂක ඒකකය විසින් ක්ෂේත්‍ර මෙහෙයුම්, සහ උපකරණ හසුරුවීමේ පුහුණු පාඨමාලවක් පවත්වයි
12:16pm on Monday 3rd October 2022
ඇමෙරිකා එක්සත් ජනපදයේ මොන්ටානාහි පිහිටි ජාතික ගුවන් ආරක්ෂක ඒකකය විසින් ක්ෂේත්‍ර මෙහෙයුම්, සහ උපකරණ හසුරුවීමේ පුහුණු පාඨමාලවක් පවත්වයි

ඇමරිකා එක්සත් ජනපදයේ මොන්ටානා ග්‍රේට් ෆෝල් හි ජාතික ගුවන් ආරක්ෂක ඒකකයේ හි 120 වැනි ගුවන් ප්‍රවහාන පක්ෂාංගය විසින් 2022 සැප්තැම්බර් 08 සිට 12 දක්වා පුහුණු පාඨමාලවක් පැවැත්වු අතර ඒ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරී 06 දෙනෙකු සහ ගුවන් භටයින් 09 සහභාගි විය.

 මෙම පාඨමාලාව ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකා රාජ්‍ය මිත්‍රත්ව වැඩසටහන යටතේ පවත්වනු ලැබූ අතර දින පහක වැඩසටහන මඟින් පැලට් ගොඩනැගීම සහ භාණ්ඩ පැටවීම, බර සහ සමතුලිතතා ගණනය කිරීම්, ඉන්ධන පිරවීම සහ C-130 ගුවන් යානාවල විශේෂ භූගත උපකරණ හැසිරවීම ආවරණය කරන ලදී.

 ඉහත කරුණු වලට අමතරව, රටේ ආරක්ෂක අරමුණු සඳහා සහාය වීම සඳහා රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන හරහා මොන්ටානා ජාතික ගුවන් ආරක්ෂක ඒකකය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර පසුගිය වසර කිහිපය තුළ මැදිහත්වීම් රාශියක් සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි