සේවා වනිතා ඒකකය සිවිල් සේවකයින් සඳහා විශේෂ පරිත්‍යාග වැඩසටහනක් පවත්වයි
1:20pm on Monday 3rd October 2022
 ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ කඳවුරේ සේවය කරන සුදුසුකම් ලත් සිවිල් සේවකයින් සඳහා අත්‍යාවශ්‍ය වියළි සලාක ඇසුරුම් බෙදාදීමේ පුණ්‍ය වැඩසටහනක් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (2022 සැප්තැම්බර් 28) කොළඹ රයිෆල් ග්‍රීන් පිටියේදී පවත්වන ලදී.

 ගුවන් ලේකම් ගෲප් කැප්ටන් අනුරුද්ධ විජේසිරිවර්ධන, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ නිලධාරි අණදෙන පුද්ගල සේවා ගෲප් කපිතාන් දිනේෂ් පඬුවාවල, ගුවන් හමුදා කොළඹ කඳවුරේ සේවා වනිතා ඒකකයේ අංශභාර නිලධාරිනි ගෲප් කැප්ටන් ශානිකා අතාවුදගේ, සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු ඇතුළු ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සමාජිකයින් පිරිසක් මෙම අවස්ථාව සඳහා ඒකකය සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි