ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරෙහි අංක 43 වර්ණ පක්ෂාංගය 22 වැනි සංවත්සරය සමරනු ලබයි
6:25am on Friday 28th October 2022
ගුවන් හමුදා කටුනායක කඳවුර අංක 43 වර්ණ පක්ෂාංගයේ 22 වන සංවත්සරය 2022 ඔක්තෝම්බර් 05 වන දින වත්මන් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජයරත්න අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් චාරිත්‍රානුකූලව පෙළපාලියකින් අභිමානවත් ලෙස සමරන ලදී. අනතුරුව උත්සවය සනිටුවහන් කරමින් ආගමික වැඩසටහනක් සහ ක්‍රීඩා උත්සවයක් සංවිධානය කරන ලදී.

අංක 43 වර්ණ පක්ෂාංගය ප්‍රථමයෙන් 2000 වර්ෂයේ දී අංක 160 වර්ණ බලඝණය ලෙස ස්ථාපිත කරන ලද්දේ ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය කඳවුරේ වර්ණ හා චාරිත්‍රානුකූල රාජකාරිවල ප්‍රධාන භාරකරු ලෙසය. අංක 160 වර්ණ බලඝණය එහි හැකියාවන් පුළුල් කිරීමත් සමග ජනාධිපති වර්ණ ආරක්ෂා කිරීම සහ නඩත්තු කිරීම, ගුවන් හමුදාවේ සරඹ සහ උත්සව කටයුතු ප්‍රමිතිගත කිරීම, ප්‍රතිපාදන ඇතුළු උත්සවාකාර කටයුතු සිදුකිරීමේ ප්‍රධාන අරමුණින් අංක 160 වර්ණ බලඝණය අංක 43 වර්ණ පක්ෂාංගය ලෙස 2012 ජනවාරි 02 දින නැවත ප්‍රතිසංස්කරණය කරන ලදී.

අංක 43 වර්ණ පක්‍ෂයේ 22 වැනි සංවත්සරයට සමගාමීව සම්ප්‍රදායික පෙළපාලිය මූලික පෙළපාළි චතුරශ්‍ර පරිශ්‍රයේදී පවත්වනු ලැබූ අතර අණදෙන නිළධාරී විසින් අංක 43 වර්ණ පක්‍ෂාංගයේ සාර්ථකත්වය සඳහා දායක වූ සියළුම සාමාජිකයින් වෙත කෘතඥතාව පළ කළේය. මීට අමතරව, සියලුම සේවා පුද්ගලයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආශිර්වාද කිරීම සඳහා ආගමික වැඩසටහනක් පවත්වන ලදී.අවසාන වශයෙන්, සැමරුම් උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සුහද ක්‍රිකට් තරඟාවලියක් කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී පැවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි