ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර සිය 38 වැනි සංවත්සරය සමරයි
9:40am on Tuesday 1st November 2022
කොග්ගල ගුවන් හමුදා කඳවුර සිය 38 වන සංවත්සරය අද (2022 ඔක්තෝබර් 19) සමරනු ලැබීය. චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ වූ අතර, එය අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් තිළිණ රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. මෙහිදි අණදෙන නිළධාරීතුමා විසින් ප්‍රකාශ කර සිටියේ කදවුර ආරම්භයේ සිට එහි සංවර්ධනයට දායක වූ සියලුම හිටපු අණදෙන නිළධාරීන්ට සහ අනෙකුත් සාමාජිකයින්ට සිය අවංක කෘතඥතාවය පුද කරන බවයි. අනතුරුව, අණදෙන නිළධාරීතුමන් ඇතුළු සියලුම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් කදවුරු පරිශ්‍රයේ දී පවත්වන ලදී.
 
සංවත්සර උත්සවයට සමගාමීව කොග්ගල වෙරළ තීරයේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක්, උණවටුන රෝහලේ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් සහ තලාතුඩුව විහාරස්ථානයේ සහ හබරාදූව පොදු සුසාන භූමියේ ශ්‍රමදාන ව්‍යාපාර ක්‍රියාත්මක කල අතර  කදවුරු  ක්‍රීඩාංගනයේ දී සියලුම සේවා පුද්ගලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවති සුහද ක්‍රිකට් තරඟාවලියකින් අනතුරුව සියලු නිලයන් සඳහා දිවා භෝජන සංග්‍රහයකින් අනතුරුව සංවත්සර උත්සවය අවසන් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි