12 වන ආරක‍ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සමාරමිභක උළෙල - 2022
9:01am on Wednesday 9th November 2022
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන් එකිනෙකාගේ ක්‍රිඩා දක‍ෂතාවයන් උරගා බලනු ලබන ආරක‍ෂක සේවා ක්‍රීඩා තරගාවලිය පනාගොඩ ශ්‍රී ලංකා යුධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මැතිතුමන් ගේ ප්‍රධානත්වයෙන් ආරක‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක‍ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ වර්ථමාන සභාපති මෙන්ම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යුධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් විකුමි ලියනගේ මෙන්ම නාවික හමුදාධිපති වයිස් අද්මිරල් නිශාන්ත උළුගේතැන්න ගේ සහභාගිත්වයෙන්

2022 ඔක්තෝමිබර් මස 19 වන දින අභිමානවත් අයුරින් ආරමිභ කරන ලදි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති වාර්ෂික ක්‍රීඩා සැලසුමට අනූව තෙවන වැදගත්ම තරගාවලිය ලෙස මෙම ආරක්ෂක සේවා ක්‍රිඩා තරගාවලිය හදුන්වා දී ඇති අතර ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන ක්‍රීඩා තරග අතරින් විශේෂ අවධානයක් දිනා ඇති ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය සදහා ජාතික හා ජාත්‍යන්තර තරග සදහා සහභාගී වු අත්දැකම් බහුල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් මෙන්ම යුධ, නාවික හා ගුවන් හමුදාවන් හි නවක ක්‍රිඩක ක්‍රිඩිකාවන් විශාල පිරිසක් ද සහභාගිවිමට නියමිත ඇත.

ත්‍රිවිධ හමුදාවන් හි හමුදාමය රාජකාරි සදහා ඉදුරාම බදවාගනු ලබන සමාජිකයින්ගේ ක්‍රිඩා හැකියාවන් හදුනාගනිමින් ඔවුන්ගේ දක්ෂතාවයන් ඔපමටිටමි කිරිම සදහා ත්‍රිවිධ හමුදා ක්‍රිඩා කවුන්සලයන් විසින් සුවිශාල කාර්්‍යය භාරයක් සිදු කරනු ලබන අතර එහි සාර්ථකත්වය මැන බලන ක්‍රිඩා තරගාවලිය ලෙසද මෙම ආරක‍ෂක සේවා කි්‍රඩා තරගාවලිය හැදින්විය හැක

මෙම ආරක‍ෂක සේවා තරගාවලියේ දක්ෂතා දක්වමින් ජාත්‍යන්තර තරග නියොජනය කිරිමට සුදුසුකමි ලැබු ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඉතිහාසය පුරාවට තම දේශය වෙනුවෙන් පදක්කමි විශාල ප්‍රමානයක් ජයග්‍රනය කර අති අතර ඒ සදහා ශ්‍රි ලංකා යුධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් පදක්කමි 272 ක් ද ශ්‍රි ලංකා ගුවන් හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන් පදක්කමි 40 ක් හා ශ්‍රි ලංකා නාවික හමුදාව ක්‍රිඩක ක්‍රිඩිකාවන් පදක්කමි 30 ක් ජයග්‍රහනය කර ඇත
    
ආරක‍ෂක සේවා ක්‍රීඩා  තරගාවලියේ ක්‍රීඩා තරග ඉසව් 39 ක් යටතේ තරග පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇති අතර 2022 ඔක්තෝමිබර් මස 26 වනදා සිට 2023 ඔක්තෝමිබර් මස දෙවන සතිය දක්වා මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත.    

ක්‍රීඩා  ක්ෂේත්‍රයේ සියලූ දෙනාගේ අවධානය දිනා ඇති මෙම ක්‍රිඩා තරගාවලියේ සමාරමිභක උළෙල සදහා ත්‍රිවිධ හමුදා ක්‍රිඩා සංචිතයන්හි සභාපතිවරුන්, ආරක‍ෂක සේවා ක්‍රීඩා  කවුන්සිලයේ ලේකම් සහ එයට සම්බන්ධ සියළුම නිලධාරීන්වරුන් මෙන්ම ත්‍රිවිධ හමුදා ක්‍රිඩා සංචිත නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගි විය

මෙවර ආරක‍ෂක සේවා තරගාවලියේ සංවිධාන කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන අතර ශ්‍රී ලංකා යුධ හමුදාව සහ ශ්‍රී ලංකා නාවික හමුදාවන් ඔහුන්ගේ නොමසුරු සහයෝගය ලබා දෙනු ලබයි.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි