අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය 27 වැනි සංවත්සරය සමරයි
2:30pm on Thursday 15th December 2022
අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව් ආර් ද සොයිසා නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් බලඝණ පරිශ්‍රයේ පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් දින සැමරුම ආරම්භ විය. අනතුරුව නිලධාරීන් සහ සෙසු නිලයින් සහ වසර තුළ විශිෂ්ඨ දක්‍ෂතා සහ බලඝණයේ කීර්තිය ඉස්මතු කිරීම සඳහා ඔවුන් දැක්වූ දායකත්වය සහ නොපසුබට උත්සාහය වෙනුවෙන් අණදෙන නිළධාරීතුමන් විසින් බලඝණයේ සියලුම සාමාජිකයින් වෙත සිය කෘතඥතාවය පුද කරන ලදී.

ඉන් අනතුරුව, බළඝණයේ මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර හා ගෞරව දැක්වීම සඳහා සමරු පෙළපාලියක් බලඝණ ස්මාරකය අභියසදී පැවැත්විණි.පෙළපාලියෙන් අනතුරුව සියලු බලඝණ නිලධාරීන්ගේ සුහද හමුවක් සහ ක්‍රීඩා වැඩසටහනක් ක්‍රීඩා පිටියේදී සංවිධානය කර තිබුණි.මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා හිඟුරක්ගොඩ කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් සේනක කුලතුංග නිළධාරීතුමන් සහභාගී විය.

සංවත්සර උත්සවයට සමගාමීව කුමාරගම සුධර්මාරාම විහාරස්ථානයේ පැවති ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් සඳහා බලඝණ නිලධාරීන් ස්වේච්ඡාවෙන් සහභාගී වූ අතර,  2022 නොවැම්බර් 21 වන දින කුමාරගම සුධර්මාරාම විහාරස්ථානයේ දී මියගිය රණවිරුවන් සිහිපත් කිරීම සඳහා බලඝණ සාමාජිකයින් විසින් "බෝධි පූජා" වැඩසටහනක් සංවිධානය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි