අම්පාර ගුවන් හමුදා කඳවුර 33 වැනි සංවත්සරය සමරයි
2:32pm on Thursday 15th December 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර  33 වන සංවත්සරය 2022 නොවැම්බර් 25 වන දින සමරනු ලැබීය. සංවත්සරයට සමගාමීව අම්පාර ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප්‍රියදර්ශන ගේ මගපෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව ප්‍රජා සේවා ව්‍යාපෘති සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුළු වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.

කඳවුරු  ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගාවලියකින් සැමරුම ආරම්භ වූ අතර සියලු නිලයන් සඳහා දිවා ආහාරය ලබා දීමෙන් දිනයේ කටයුතු අවසන් විය.

සංවත්සර උත්සවයට සමගාමීව  අම්පාර - උහන ප්‍රධාන මාර්ගයේ පිරිසිදු කිරීමේ වැඩසටහන් සහ අම්පාර මහ රෝහල් කාර්ය මන්ඩලයේ සහය ඇතිව ලේ දන්දීමේ වැඩසටහනක්  සියලුම නිළධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි