සේවා වනිතා ඒකකයේ අර්ධ ඉදිකිරීම් නිවාස ව්‍යාපෘතිය - 2022
2:37pm on Thursday 15th December 2022
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ අර්ධ ඉදිකිරීම් නිවාස ව්‍යාපෘතිය  2022 නොවැම්බර් 28 අවසන් කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ නිවාස 14 ක් මෙම ව්‍යාපෘති මගින් ඉදිකිර සේවා පුද්ගලයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා පහසුකම් සපයන ලදී.
 
මෙම ව්‍යාපෘතියේදී අඩක් ඉදිකරන ලද ඔවුන්ගේ නිවාස සම්පූර්ණ කිරීම සඳහා වඩාත් සුදුසු පුද්ගලයින් 14 දෙනෙකු තෝරා ගන්නා ලදී. ව්‍යාපෘති මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වූ අතර අවසන් ව්‍යාපෘතිය 2022 නොවැම්බර් 28 වන දින අවසන් කරන ලදී.

සියලුම ව්‍යාපෘති සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂ, එයාර් වයිස් මාර්ෂල් එච්.ඩබ්ලිව්.එම්.යූ. විජේසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ සහ අදාළ කඳවුරු අණදෙන නිලධාරීන්ගේ සහ අණදෙන නිලධාරීන්ගේ නිසි සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී. පහත සඳහන් පරිදි, සේවා සහ සිවිල් පුද්ගලයින් හට මෙම ව්‍යාපෘතිය හරහා මූල්‍ය සහ ශ්‍රම ආධාර ලැබිණි.

බළලත් නිලධාරි එස්.ඒ.අයි.පී.කේ සුරසිංහ (පරිපාලන සහකාර) -  ගුවන් හමුදා කඳවුර කොළඹ

බළලත් නිලධාරි යූ.එස්. හෙට්ටිආරච්චි (මෙහෙයුම් භූමිය) - ගුවන් හමුදා කඳවුර කොළඹ

සැරයන් රණතුංග ආර්.එම්.ටී (මෙහෙයුම් භූමිය) - ගුවන් හමුදා කඳවුර පාලවි

සැරයන් ජයසිංහ ඡේ.එම්.යු.එස් (ක්‍රියාකරු මෝටර් ප්‍රවාහනය) - ගුවන් හමුදා කඳවුර අනුරාධපුර

කෝප්‍රල් රංගන පි.ඒ.ඩී.එම්.ඒ (සංගීත ශිල්පී) -ගුවන් හමුදා කඳවුර කටුනායක

කෝප්‍රල් විජේතුංග කේ.අයි.ඒ (මෙහෙයුම් භූමිය) - ගුවන් හමුදා කඳවුර කොළඹ

නායක ගුවන් භට චතුරංග ඡී.ඩී.කේ (මෙහෙයුම් භූමිය) - ගුවන් හමුදා කඳවුර අනුරාධපුර

නායක ගුවන් භට පලිහක්කාර එන් (මෝටර් ප්‍රවාහන ක්‍රියාකරු) -  ගුවන් හමුදා කඳවුර වීරවිල

නායක ගුවන් භට වීරසිංහ බීඑස් (පොලිස්) - ගුවන් හමුදා කඳවුර මීරිගම

සිවිල් ඩී.එම්.ඡි. සුරේෂ් ගුණදාස (කම්කරු) - ගුවන් හමුදා කඳවුර වවුනියාව

සිවිල් ආර්.එස් රණතුංග (කම්කරු) - ගුවන් හමුදා කඳවුර වවුනියාව

සිවිල් එච්.එම්.සී.පී හිටිනායක (ඉවුම් පිහුම්) - ගුවන් හමුදා කඳවුර අනුරාධපුර
 
සිවිල් එම්.ඒ.ඩී සම්පත් (විදුලි සංදේශ කාර්මික) - ගුවන් හමුදා අනුරාධපුර කඳවුර

සිවිල් එස් රවිදරන් (කම්කරු) - ගුවන් හමුදා කඳවුර මඩකලපුව

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි