ඉන්දීය නාවික හමුදා ප්‍රධානීතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
2:46pm on Friday 16th December 2022
ඉන්දීය නාවික  හමුදා ප්‍රධානීතුමන් අද්මිරාල් ආර් හරි කුමාර් මහතා 2022 දෙසැම්බර් 14 වන දින කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු පී.එස්.එන් ප්‍රනාන්දු විසින් නාවික හමුදා ප්‍රධානිතුමන් පිළිගන්නා ලද අතර, ගුවන් හමුදා අංක 43 වර්ණ පක්ෂාංගය විසින් ඔහු වෙත චාරිත්‍රානුකූල ගෞරව සම්මාන මුර පෙළපාලියක් පත්වන ලදී.

එහි පැමිණි නාවික හමුදා ප්‍රධානීතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වූ දෙරට අතර හමුදා පුහුණුවිම් සහ කලාපීය සමුද්‍රීය ආරක්ෂාව  කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු ඵලක හුවමාරු කර ගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි