අන්තර් ඒකක ජල ක්‍රීඩා ශූරතාවලිය - 2022
1:01pm on Tuesday 20th December 2022
"50 වැනි අන්තර් ඒකක පිහිනුම් සහ 19 වැනි ඡල පන්දු ශූරතාවලිය 2022" ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල ක්‍රීඩා සංචිතය විසින් සංවිධානය කරන ලද අතර එය 2022 දෙසැම්බර් 12 සිට 14 වන දින දක්වා රත්මලාන ගුවන් හමුදා කඳවුරු ජල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි.

ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ට්‍රයත්ලෝන් ක්‍රීඩාව 2022 අප්‍රේල් 10 වන දින චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී පවත්වන ලදී. ට්‍රයත්ලෝන් යනු පිහිනීම, බයිසිකල් පැදීම සහ විවිධ දුරවල දිවීම යන විඳදරාගැනීමේ ත්‍රිත්ව ක්‍රීඩකයින්ගෙන් සමන්විත බහු ක්‍රීඩා තරඟයකි.චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය පිරිමි ශූරතාව හිමිකරගත් අතර මොරවැව ගුවන් හමුදා කඳවුර අනුශූරතාව හිමිකර ගත්තේය. කාන්තා ශූරතාව දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් හිමිකරගත් අතර අනුශූරතාව චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය විසින් හිමිකර ගන්නා ලදී.

අන්තර් ඒකක ඡල පන්දු  පිරිමි ශූරතාවලිය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨය විසින් හිමිකර ගන්නා ලද අතර ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල අනුශූරතාව හිමිකර ගන්නා ලදී. කාන්තා ශූරතාවලියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර අනුශූරතාවය දිනාගත් අතර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින්  ශූරතාවය හිමිකරගන්නා ලදී. අන්තර් ඒකක පිහිනුම් තරගයේදී  ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය සමස්ත පිරිමි ශූරතාව දිනාගත් අතර රත්මලාන ගුවන් හමුදා කඳවුර අනුශූරතාව හිමිකර ගත්තේය. සමස්ථ කාන්තා ශූරතාවය දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් හිමිකරගත් අතර කාන්තා අනුශූරතාවය ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය විසින් හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සුභසාධක අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් කේ.ජී.ඩී.එන්.ඡයසිංහ සහභාගි විය. ගුවන් හමුදා ජල ක්‍රීඩා සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් අසේල ජයසේකර, ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිළධාරී, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ අනෙකුත් ආරාධිතයින් ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වූහ.

පිහිනුම් තනි පුද්ගල තරග

නවක කාණ්ඩය යටතේ තනි පුද්ගල ශූරිය - කාන්තා
ගුවන් කාන්තා ජයලත් ඡේ.එස්.එන් - ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව

නවක කාණ්ඩය යටතේ තනි පුද්ගල ශූරයා - පිරිමි
පියාසර නිලධාරි ජීඒකේ හෙට්ටිගේ - ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය ගුවන්

ශූරතා කාණ්ඩය යටතේ තනි පුද්ගල ශූරිය - කාන්තා
කාන්තා නිලධාරිනි කැඩෙට් සවින්දි ඡේ.එම්.එස් - ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය
ගුවන් කාන්තා මදුවන්ති වී.ඡි.එච් - ගුවන් හමුදා සටන් පුහුණු පාසල දියතලාව

ශූරතා කාණ්ඩය යටතේ තනි පුද්ගල ශූරයා - පිරිමි
නිලධාරි කැඩෙට් ද සිල්වා යු.අයි.ඕ - ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය
නිලධාරි කැඩෙට් දිසානායක ඩී.එම්.එස්



Triathlon sport
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි