ඉන්දියානු නාවික හමුදාවේ ප්‍රධානිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 3 සමුද්‍රීය බලඝණයේ සංචාරයක නිරත වෙයි
1:37pm on Tuesday 20th December 2022
ඉන්දීය නාවික හමුදාවේ ප්‍රධානී අද්මිරාල් ආර් හරි කුමාර් ශ්‍රී ලංකාවේ නිල සංචාරයට සමගාමීව 2022 දෙසැම්බර් 16 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 3 සමුද්‍රීය බලඝණයේ සංචාරයක නිරත විය. චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අසේල ජයසේකර විසින් ඉන්දීය නාවික මාණ්ඩලික ප්‍රධානී තුමන් පිළිගැනීමෙන් අනතුරුව උත්සවාකාරයෙන් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අලුතින් ඇතුළත් කරන ලද ඩෝනියර් 228 ගුවන් යානය සම්බන්ධයෙන් අංක 3 සමුද්‍රීය බලඝණයේ අණදෙන නිලධාරීවරයා සහ බලඝණ  කාර්ය මණ්ඩලය සමඟ කරුණු සාකච්ඡා කළේය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා අණදෙන නිළධාරිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර නිල සමරු ඵලක හුවමාරුවක් ද සිදු කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි