46 වන විවෘත පිහිනුම් ශූරතාවලිය ගුවන් හමුදාවට
6:25pm on Thursday 31st March 2011
කිංරෝස් පිහිනුම් හා ජීවිත ආරක්ෂන සමාජය මගින් 46 වන වරටත් සංවිධානය කරනු ලැබූ සැතපුම් 06 පිහිනුම් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් කාන්තා කෞෂල්‍යා කේ.ජී.ජී.ඩී පසුගියදා (27)සමත් විය.

පිරිමි ක්‍රීඩකයින් 30 හා කාන්තා ක්‍රීඩකක්වන් 10 මේ සදහා සහභාගී වූ අතර මෙය සැම වසරකම පැවැත්විය යුතු ජලජ ක්‍රීඩා ඉසව්වන්ගෙන් එකක් වන අතර දුර පිහිනුම් සදහා විශේෂ ස්ථානයක් හිමිකර ගනී.

ගුවන් කාන්තා කෞෂල්‍යාගේ නායකත්වයෙන් යුතු කාන්තා පිහිණුම් කණ්ඩායම හා කිංරෝස් පිහිනුම් හා ජීවිත ආරක්ෂක සමාජය එකට එක්ව වැල්ලවත්ත හා ගල්කිස්ස හෝටලය ආසන්නයේ මෙම තරගාවලිය ආරම්භ කරන ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි