ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 50 වැනි අදියර මඩකලපුවේදී සාර්ථකව අවසන් කරන ලදි
10:40am on Wednesday 8th February 2023
‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ 50 වැනි අදියර 2023 ජනවාරි 19 වන දින පාවට්කොඩිචේන සිරිපුර ගම්මානයේදී සාර්ථකව අවසන් කරන ලදි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

පානීය ජලය සොයා ගැනීමට අපහසුව සිටින සිරිපුර ගම්මානයේ අසරණ පවුල් සඳහා පහසුකම් සැලසීම සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.මෙම අවස්ථාවෙහිදී පවුල් 35ක් සඳහා වියළි සලාක ඇසුරුම් සහ පාසල් සිසුන් 31 දෙනෙකුට පාසල් උපකරණ ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකරන ලදී.

මඩකලපුව ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කපිතාන් ප්‍රදීප් වර්ණසූරිය ගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය නිම කරන ලද අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ මඩකලපුව ගුවන් හමුදා කඳවුර විසින් මෙම ව්‍යාපෘතියට අරමුදල් සපයන ලදී.මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි