10 වන ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළිය සාර්ථකව අවසන් වෙයි
11:50am on Wednesday 8th February 2023
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලැබූ ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සදහා කුසලාන හා සහතික පත් ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 21 වන දින පවත්වන ලදි.

මෙම තරඟාවලියේදී ගුවන් හමුදාධිපති කුසලානය වෙනුවෙන් කාන්තා හා පිරිමි යන දෙඅංශයෙන්ම ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් තරඟ වැදුනු අතර, දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ගෝල්ෆ් ක‍්‍රිඩකයාට හිමි ඊගල්ස් අභියෝගතා කුසලානය සඳහා ත‍්‍රිවිධ හමුදා ක‍්‍රිඩකයින් ද තරග වැදින ලදී.

මෙම තරගාවළිය සදහා  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ  හා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප‍්‍රියන්ත පෙරේරා ඇතුලූ දෙස් විදෙස් ගෝල්ෆ් ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් 100 කට අධික පිරිසක් සහභාගි විය.  

මෙහිදි ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවලියේ පිරිමි ශුරතාවය ප‍්‍රභාත් ගමගේ විසින් දිනාගත් අතර කාන්තා ශුරතාවය මනෝරි ජයකොඩි විසින් දිනා ගන්නා ලදි. තවද මෙම තරඟාවලියේ දක්‍ෂතම ත‍්‍රිවිධ හමුදා සේවා ක‍්‍රිඩකයාට හිමි කුසලානය ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ ගෲප් කැප්ටන් නන්දන ජයලත් විසින් දිනා ගන්නා ලදි

ගුවන් හමුදාධිපති කුසලාන ගෝල්ෆ් තරඟාවළිය සඳහා ඩයලොග් එන්ටර්ප‍්‍රයිස් ආයතනය විසින් ප‍්‍රධාන අනුග‍්‍රාහක දායකත්වය සපයනු ලැබූ අතර මෙවර ගුවන් හමුදාධිපති කුසලාන ගොල්ෆ් තරඟාවළියේ දස වන සංවත්සරය සැමරිම නිමිතිකොටගෙන ප‍්‍රජා සත්කාර වැඩසටහන් මාලාවක් ක‍්‍රියාත්මක කිරිම සදහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව හා ඩයලොග් එන්ටර්ප‍්‍රයිසස් ආයතනය එක්ව කටයුතු කරන ලදි. ඒ වෙනුවෙන් ත‍්‍රිතුණාමලය උසස් බාලිකා විද්‍යාලය, චීනවරාය නාලන්දා විද්‍යාලය හා කින්නියා රාවනේෂ්වරන් දෙමළ විද්‍යාලය යන විද්‍යාල ත‍්‍රිත්වයෙහි යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම සංවර්ධනය කර දීමට ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව කටයුතුු කල අතර ඩයලොග් එන්ටර්ප‍්‍රයිසස් ආයතනයේ අනුග‍්‍රහය යටතේ එම විද්‍යාල සඳහා පරිගණක උපාංග ප‍්‍රධානය කිරීමක්ද සිදු කරන ලදි.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි