අන්තර් ඒකක පාපංදු ශූරතාවය කටුනායක රෙජිමෙන්තු කණ්ඩායමට
5:01pm on Monday 4th April 2011
කටුනායක රෙජිමේන්තු කණ්ඩායම ගෝල 04-02 ලෙස ලබා ගනිමින් ගුවන් හමුදා චීන වරාය කණ්ඩායම පරදා අන්තර් ඒකක පාපංදු තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.කොළඹ සිටි ලීග් පාපංදු පිටියේ පැවති මෙම තරගාවලිය දඩුවම් පහර ඔස්සේ ජයග්‍රහනය කිරීම විශේෂත්වයකි.

පළමු භාගය අවසන් වනවිට දෙපිලම ගෝලය බැගින් ලබා ගනිමින් සම තත්වයේ පසුවූ අතර දෙවන භාගයේදී ඉතා උණුසුම් මුහුණුවරක් ගනිමින් දෙපිලම නැවතත් ගෝලය බැගින් ලබා ගන්නා ලදී.මේ අනුව දෙපිලම ගෝල 02 ලබාගෙන සම තත්වයේ පසු විය. කටුනායක රෙජිමේන්තු කණ්ඩායම වෙනුවෙන් නා.ගු.භ රුවන්ත හා නා.ගු.භ විමලරත්න පිළිවෙලින් ගෝලය බැගින්  ලබා ගත් අතර ගුවන් භට ශ්‍රියන්ත හා කෝප්‍රල් ජයලත් ගෝලය බැගින් ලබා ගනිමින් චීන වරාය කණ්ඩායම ශක්තිමත් කලහ.

තරගයේ ජයග්‍රහනය දඩුවම් පහර මත රදා පැවතුනු අතර සාර්ථකව එයට මුහුන දුන් කටුනායක කණ්ඩායම 04-02 ලෙස තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

මෙහිදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගුවන් භට නානයක්කාර (කටුනායක කදවුර), දක්ෂතම දැල් රකින්නා ලෙස  ගුවන් භට උසාම් (චීන වරාය) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

ශ්‍රී ලංකා පාපංදු සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී අනුර ද සිල්වා මහතා මෙහි ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වූ අතර අධ්‍යක්ෂ ගගන ඉංජිනේරු හා ගුවන් හමුදා පාපංදු සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ජයනාත් කුමාරසිරි, ගුවන් හමුදා පාපංදු සංගමයේ ලේකම් ගෲප් කපිතාන් සමන් කොටගේ ද අමුත්තන් අතරට එක් විය.මෙම තරගාවලිය අතරතුර අධ්‍යක්ෂ මෙහෙයුම් භූමී ගුවන් කොමදෝරු ක්‍රිෂාන් යහම්පත් විශේෂ ආරධිතයකු ලෙස මේ අවස්ථාවට එක් විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි