අඛණ්ඩව දෙවන වරටත් යුද හමුදා රග්බි කන්ඩායමට එරෙහිව රග්බි ජයග්‍රහණය ගුවන් භමුදා රග්බි කන්ඩායම හිමිකර ගනී.
9:58am on Monday 20th February 2023
රත්මලාන ගුවන් හමුදා රග්බි පිටියේ පැවති නිපෝන් පේන්ට් රග්බි ලීග් තරඟාවලියේ දී ගුවන් හමුදා පිරිමි රග්බි කණ්ඩායම නැවතත් යුද්ධ හමුදා රග්බි කණ්ඩායමට එරෙහිව ලකුණු 27 ට 16 ක් ලෙස ජයග්‍රහනය කරන ලදී.

ගුවන් හමුදා ක්‍රීඩකයින් ලබාගත් ලකුණු 27 ඩුනාල් ප්‍රනාන්දු, දෙනුවන් වික්‍රමාරච්චි සහ සුදත් බණ්ඩාර ලබාගත් අතර, නුවන් පෙරේරා උත්සාහක දිනුම් 3ක් සහ දඬුවම් පහර 2ක් ලබාගනිමින් තරගයේ ඡයග්‍රහණය කිරිමට සමත්විය .

මෙම ලීග් තරඟාවලියේ යුද හමුදා රග්බි කන්ඩායමට එරෙහිව ගුවන් භමුදා රග්බි කන්ඩායමට පිට පිටම ලැබූ දෙවන ජයග්‍රහණය මෙය වන අතර. ගුවන් භමුදා රග්බි කන්ඩායම මේ වන විට පොලිස් SC කණ්ඩායම සමඟ තරග ලකුණු  සම වී සිටින අතර ප්ලේට් කොටසේ ජයග්‍රාහී කන්ඩායම පිළිබඳ අවසන් තීරණය සඳහා තවත් තරගයක් පැවැත්විමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි