ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්විමේ වැඩසටහනක් පවත්වනු ලබයි.
10:33am on Thursday 9th March 2023
ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ජූඩෝ, ස්කොෂ්, ටයිකොන්ඩෝ සහ එල්ලේ යන ක්‍රීඩා අංශයන්හී දන්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීමේ වැඩසටහනක් 2023 පෙබරවාරි 06 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඇස්ට්‍රා ශාලාවේදී පවත්වන ලදී. මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුවේ සී.ඊ.ඕ ෆිනික්ස්ෆයර් පුද්ගලික සමාගමේ වෘත්තීය නිපුණත්වයකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු වන භාතිය අරුත්නායක මහතා විසිනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ සම්මේලනයේ ලේකම්, විංග් කමාන්ඩර් එම්ඩබ්ලිව්සීඑම් වාකිස්ට නිළධාරීතුමන්ගේ මූලිකත්වයෙන් වැඩසටහන ආරම්භ විය.විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අනූ හතර (94) දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී විය. එළඹෙන 12 වැනි ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට සූදානම් වීමේ දී ක්‍රීඩකයන්ගේ දක්‍ෂතා වැඩිදියුණු කර ගැනීම සදහා කණ්ඩායම් හැඟීමක් ගොඩනඟා ගැනීම, ක්‍රීඩකයන්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සහ ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂිත අවධානය මෙහිදි යොමු විය.

ගුවන් හමුදා ජූඩෝ කළමනාකාර බළපංති සැරයන් කරුණාරත්න බී.එච්.එන්.පී. විසින් පවත්වන ලද ස්තුති කථාවෙන් වැඩසටහන අවසන් විය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ, ගුවන් හමුදා ටයිකොන්ඩෝ ලේකම්, විංග් කමාන්ඩර් එම්ඩබ්ලිව්සීඑම් වාකිස්ටා සහ ගුවන් හමුදා ජූඩෝ සහකාර ලේකම් ස්කොඩ්‍රන් ලීඩර් ඩබ්ලිව්ආර්එම් ජයරත්න යන මහත්වරුන් සහභාගී වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරාධිත කථිකාචාර්යවරයා වෙත සමරු තිලිණ ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි