74 වැනි ජාතික මල්ලවපොර ශූරතාවලිය 2023 ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් ශූරතාවය දිනාගැනීමට සමත් විය
1:50pm on Friday 10th March 2023
74 වැනි ජාතික මල්ලවපොර ශූරතාවලිය 2023 පෙබරවාරි 18 සහ 19 යන දින දෙකේදි කොළඹ ටොරින්ටන් ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. ගුවන් හමුදා කාන්තා මල්ලවපොර ක්‍රීඩිකාවන් රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා ගනිමින් පිට පිටම 6 වැනි වරටත් ශූරියන් බවට පත් විය. ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගනිමින් දෙවැනි අනුශූරතාව ද හිමිකර ගන්නා ලදී.

මෙවර ජාතික මල්ලවපොර ශූරතාවලියට බර කාණ්ඩ කිහිපයක් යටතේ තරග වැදුණු ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළුව පිළිගත් ක්‍රීඩා සමාජ 20ගේ මල්ලවපොර ක්‍රීඩකයින් 300කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය ද එම ස්ථානයේම පැවැත්වුණු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සභාපති සරත් හේවාවිතාරණ මහතා සහභාගි විය.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා මල්ලවපොර සභාපති එයාර් කොමදෝරු පීඊ ගුණවර්ධන, ගුවන් හමුදා මල්ලවපොර සම්මේලනයේ ලේකම් විංග් කමාන්ඩර් ඩබ්ලිව්ජීඑන්ඩී වැවකුඹුර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි විය.

ප්රතිඵල සාරාංශය

කාන්තා
රන් පදක්කම් ලාභීන්
නායක ගුවන් කාන්තා රත්නායකගේ ආර්.එම්.කේ.එම් (කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා කුමාරි එම්ඩබ්ලිව්ඩීඑම්පී (කිලෝ ග්‍රෑම් 57 ට අඩු බර කාණ්ඩය)
කෝප්‍රල් ප්‍රියංගා කුමාරි එම්ඩබ්ලිව්ඩීඑම් (කිලෝ ග්‍රෑම් 59 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා පෙරේරා සිඑන්එන් (කිලෝ ග්‍රෑම් 65ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා වීරසිංහ ඩබ්පිසිකේපි (කිලෝ ග්‍රෑම් 76 ට අඩු බර කාණ්ඩය)
 
රිදී පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා කරුණාසේන එච්ඒඑන් (කිලෝ ග්‍රෑම් 50 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා විජේසිංහ ඩබ්ලිව්.එම්.එච්.එච් (කිලෝ ග්‍රෑම් 59 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා මධුවන්ති ආර්ඒකේ (කිලෝ ග්‍රෑම් 62 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා ලක්මාලි ඩබ්ඡිඩබ් (කිලෝ ග්‍රෑම් 72 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා නවෝදා එන්එල්එල් (කිලෝ ග්‍රෑම් 76 ට අඩු බර කාණ්ඩය)

ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් කාන්තා රූපසේන එච්ඒඑන් (කිලෝ ග්‍රෑම් 50 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා සෙනවිරත්න ඡිඡිඡඑස් (කිලෝ ග්‍රෑම් 55 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා රූපසිංහ ආර්ඒඑම්එම් (කිලෝ ග්‍රෑම් 68 ට අඩු බර කාණ්ඩය)

පිරිමි
රන් පදක්කම් ලාභීන්
කෝප්‍රල් මධුරංග ටී.කේ.එස් (කිලෝ ග්‍රෑම් 79ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට වල්පිට ඩබ්එස්එන් (කිලෝ ග්‍රෑම් 86ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට කල්‍යාණ කේබිආර් (කිලෝ ග්‍රෑම් 125 ට අඩු බර කාණ්ඩය)

රිදී පදක්කම්ලාභීන්
සැරයන් ෆ්‍රැනැන්ඩෝ ආර්.යු.එම් (කිලෝ ග්‍රෑම් 70ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට විජේසූරිය ඩබ්ලිව්.එම්.එම්.එල් (කිලෝ ග්‍රෑම් 74 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට වේරගොඩ ඩබ්ලිව්.එන් (කිලෝ ග්‍රෑම් 97ට අඩු බර කාණ්ඩය)

ලෝකඩ පදක්කම්ලාභීන්
නායක ගුවන් භට පෙරේරා එල්ඒඩීටි (කිලෝ ග්‍රෑම් 57ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට අබේසේකර ඩබ්ලිව්ජීඑස්එන්බී (කිලෝ ග්‍රෑම් 61 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට ද සිල්වා ඡිඑල්පිඩි (කිලෝ ග්‍රෑම් 70ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට මධුශංක ඩබ්කේවයි (කිලෝ ග්‍රෑම් 125 ට අඩු බර කාණ්ඩය)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි