"න්‍යෂ්ටික හෝ විකිරණ විද්‍යාත්මක හදිසි අභ්‍යාසය සකස් කිරීම, හැසිරීම සහ ඇගයීම" පිළිබඳ ජාතික පුහුණුවේ සමාරම්භක උත්සවය පවත්වන ලදී
2:13pm on Friday 10th March 2023
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ ප්‍රධානත්වයෙන් "න්‍යෂ්ටික හෝ විකිරණ හදිසි අභ්‍යාසය සකස් කිරීම, හැසිරීම සහ ඇගයීම" පිළිබඳ ජාතික පුහුණුවේ සමාරම්භක උත්සවය 2023 පෙබරවාරි 27 වන දින කැලණිය ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන මහතා සහභාගී විය.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික හෝ විකිරණශීලී හදිසි අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති නියෝජිතායතනයේ ජාතික තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය SLR 9013 යටතේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව මෙම විශේෂ පුහුණුව සංවිධානය කරනු ලැබීය. ශ්‍රී ලංකා බලශක්ති නියාමන සභාව, ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, යන ආයතනවලින් 28 දෙනෙක් සහභාගී වූහ. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, 1990 සුවසැරිය පදනම, ශ්‍රී ලංකා රේගුව සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම වැඩසටහනට සහභාගී විය.

මෙම වැඩසටහන සදහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් අනිල් රංජිත් මහතා, ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා, පරමාණුක ශක්ති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය විරාජ් එදිරිසිංහ .ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ජාත්‍යන්තර අංශයේ අධ්‍යක්ෂ අනුර ජයතිලක, රසායනික ජීව විද්‍යාත්මක විකිරණ න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය අංශයේ අණදෙන නිලධාරී රංජිත් බණ්ඩාර, ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යාවේ විකිරණ හදිසි කළමනාකරු විංග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා සහ ප්‍රශාන්ත් මහරාජ් මහතා සහ සුඩාන න්‍යෂ්ටික හා විකිරණ නියාමන අධිකාරියේ හදිසි අවස්ථා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, නහ්ලා සුලෙයිමාන් යන මහත්ම මහත්මීන් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි