කොළඹ කඳවුරේ බක් මහ උළෙල මහ ඉහලින් සමරයි
11:45am on Tuesday 19th April 2011
මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුදු උළෙල කොළඹ කඳවුරේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් මහත් ඉහලින් සංවිධානය කරන ලදී.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම අවුරුදු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වු අතර කොළඹ කඳවුරේ සේවය කරන සේවා හා සිව්ල් පුද්ගලයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 2011 අප්‍රේල් මස 11 දින රයිෆල් ග්‍රීන් ක්‍රීඩාපිටියට රැස් වෙමින් මෙම සංස්කෘතික මංගල්‍යය සමරන ලදී.

වටිනාකමක් සහිත නොයෙකුත් අංගයන් සහ සාම්ප්‍රධායික ජන ක්‍රිඩා ඇතුඑ තරග ඉසව් විශාල ප්‍රමාණයක් පැමිණ සිටි පිරිස වෙනුවෙන් සංවිධානය කර තිබිණි.

එසේම තරග ජයග්‍රාහකයන් සදහා වටිනා ත්‍යග ලබා දිමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදන ලදි.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි