මිය ගිය රණවිරුවකු වෙනුවෙන් නිවසක් පරිත්‍යාග කරයි
2:42pm on Monday 25th April 2011
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් පවත්වාගෙන යනු ලබන "අනුලා ප්‍රනාන්දු" නිවාස ව්‍යාපෘතිය යටතේ ගුවන් හමුදාවේ සේවයෙහි යෙදී සිටියදී 2001 ජූලි මස 24 වන දින කටුනායක කදවුරට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයකින් මිය ගිය 10300 බලපන්ති සැරයන් චන්ද්‍රසේකර කේ බී ඒ රණවිරුවාගේ බිරිද හා දරුවන් දෙදෙනා හට නව නිවසක් පරිත්‍යාග කිරීමේ උත්සවයක් 2011 අප්‍රේල් මස 23 වන දින නො 66" තරාල" පූගොඩ යන ප්‍රදේශයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම නිවස "අනුලා ප්‍රනාන්දු" නිවාස ව්‍යාපෘතිය යටතේ, ගුවන් හමුදා රණවිරු සුභ සාධක අරමුදලින් රුපියල් මිලියනයකට ආසන්න මුදලක් වැය කර ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් මෙම නිවස සාදා නිම කරන ලදී.

මෙම නිවස පරිත්‍යාග කිරීමේ නිල උත්සවය සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටු සාමාජිකාවන් ඇතුලු රනවිරුවාගේ දෙමාපිය නැදැ හිතවතුන්ද සහභාගි විය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි