තවත් අවිකරු උසස් පුහුණු පාඨමාලාවක් විසිර යයි.
7:05pm on Friday 29th April 2011
පාඨමාලා අංක 20, උසස් අවිකරු පුහුණු පාඨමාලාවට අයත් අවිකරු 125 දෙනෙකු පසු ගිය 29 දින පලාලි කඳවුරේදී සාර්ථකව විසිර ගියහ.

මෙම පාඨමාලාව සති 14ක සැලසුම් ගත කාලයක් තුල ගොඩබිම් සටන් පුහුණුවත්, සාමාන්‍ය සේවා විෂයන් පිලිබඳව අවබෝධය ලබාදීම මෙන්ම මෙම පාඨමාලාවේ අභිප්‍රායන් ලගාකර ගැනීම සදහා සරඹ, අවි පුහුණුව, ක්‍රේෂ්ත්‍ර ශිල්පය, යුද උපක්‍රම, සිතියම් කියවීම, ගුවන් හමුදා නීතීය, ගුවන් හමුදා පරිපාලනය සහා සංවිධානය පිලිබඳව මනා පුහුණුවක් ද පුපුරණ ද්‍රව්‍ය, ගිණි නිවාරණය, මානව හිමිකම් සුරකීම සහා ප්‍රථමාධාර පිලිබඳව අවශ්‍ය දැනුම මෙන්ම පරිඝණක දැනුමද ඔවුන්ට ලබා දී ඇත.

විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පලාලි ගුවන් කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් අතුල කළුආරච්චි මහතා සහාභාගි විය.

පහත නම් සඳහන් ගුවන් භටයින් පාඨමාලාවේ විශේෂ සම්මානයන්ට පාත්‍ර විය.

සරඹ අතින් දකෂතම ශිෂ්‍යයා  -                     25171 කෝප්‍රල්  විජේසුරිය එම් ජී සී එස්

දක්ෂතම ශිෂ්‍යයා -                                    25106 කෝප්‍රල් පතිරගේ එස්

දකෂතම වෙඩික්කරු -                               25526 කෝප්‍රල් ජයසිංහ එම් පී සී එස්

හොඳම ශාරිරක යෝග්‍යතාවය අතින් දක්ෂතම ශිෂ්‍යයා - 25379 කෝප්‍රල් කුමාර එච්  එම්

සෑම අතින්ම ද්ක්ෂතම ශිෂ්‍යයා -  25171 කෝප්‍රල් විජේසුරිය.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි