2023 වසරේ විශිෂ්ඨ ක්‍රීඩා ජයග්‍රහකයින් හට ගුවන් හමුදාධිපතිතුමන් විසින් උපහාර පිරිනමන ලදී.
8:44am on Friday 23rd June 2023
2023 වසරේ විශිෂ්ඨ ක්‍රීඩා ජයග්‍රහකයින් හට උපහාර පිරිනැමීමේ උත්සවය 2023 ජූනි 20 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේ පැවති අතර මෙම උපහාර උළෙල සඳහා  ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සභාපති (AFSC) සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති (DSSB) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා සහභාගී විය.‍මෙම උත්සවයේදී ගුවන් හමුදා රග්බි, මල්ලවපොර, බොක්සිං, ජූඩෝ, කැරම්, බීච් වොලිබෝල්, ස්කොෂ්, ටයිකොන්ඩෝ සහ පාපැදි යන අංශයන්හි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කරන ලදී. මෙම ක්‍රීඩා වල ක්‍රීඩකයින් ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා ශූරතා තරඟවලදී විශිෂ්ට දස්කම් දක්වා ඇත. මේ අතර, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ දක්ෂ ක්‍රීඩකයින්ට  ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් විශේෂ ත්‍යාග පිරිනමන ලදී. විශේෂ පුද්ගලයින්ට අමතරව, ගුවන් හමුදා රග්බි ප්‍රධාන පුහුණුකරු, ෂැම්ලි අෆ්රාස් නවාස් මහතා සහ සහය පුහුණුකරු, ඩිලාන් සොයිසා මහතා, ගුවන් හමුදා බොක්සිං පුහුණුකරු, කෝප්‍රල් ආරියරත්න, ගුවන් හමුදා මල්ලවපොර කාන්තා කණ්ඩායමේ පුහුණුකරු, කෝප්‍රල් ප්‍රනාන්දු සහ ගුවන් හමුදා වෙරල වොලිබෝල් පුහුණුකරු බීඡීඑස් ගුණසිංහ මහත්මිය, ගුවන් හමුදා නාමය ඉහලින් තැබීම සඳහා ඔවුන් දැක්වූ කැපවීම වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් විශේෂ ඇගයීමකට ලක්කරන ලදී.

අද පැවති උත්සවයේදී ගුවන් හමුදා වොලිබෝල් සම්මේලනයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ සහ ගුවන් හමුදා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ගෲප් කැප්ටන් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් වෙත ගුවන් හමුදාධිපතිතුමන් විසින් ගෞරවනීය "නයිට්" නාමය පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, වැඩබලන ක්‍රීඩා අධ්‍යක්ෂ, සභාපතිවරුන්, ලේකම්වරුන්, කළමනාකරුවන් සහ අදාළ ක්‍රීඩා ක්ෂේත්‍රයන්හී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී විය.
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි