ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපති නිළ වශයෙන් රාජකාරි අරඹයි
3:16pm on Sunday 2nd July 2023

ශ්‍රි ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදි ජනරජයේ ගරු ජනාධිපති සේනාධිනායක රනිල් වික්‍රමසිංහ   මැතිතුමන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා පත්කරනු ලැබු අතර නව පත්විමි ලද ගුවන් හමුදාධිපති තුමන් හට ගුවන් හමුදා ගුවන් හමුදා සමිප්‍රදායානුකූල උත්තමාචාර පෙළපාලියක් අද දින (2023 ජුනි මස 30 වන දින)  ගුවන් හමුදා මුලස්ථානයේදි  පැවැත් විය.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගමිපහ බණ්ඩාරවත්ත පරාක්‍රම විද්‍යාලයෙන් ප්‍රථමික අධ්‍යාපනය අරඹා පසුව ගමිපහ බණ්ඩාරණායක විද්‍යාලයෙන්  මුලික අධ්‍යාපනය අවසන් කර අති අතර ද්විතික අධ්‍යාපනය සදහා කොළඔ ආනන්ද විද්‍යාලයට ඇතුලත්ව කිර්තිමත් ශිෂයකු ලෙස පාසල් අධ්‍යාපන කටයුතු සිදු කර ඇති අතර 1988 වසරේ දි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ අංක 06 බදවාගැනිමේ කණ්ඩායමට ඇතුලත්වන ලදි. 

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ත්‍රිවිධ හමුදා නිළධාරින් අතරින් ගුවන් නියමුවන් තොරා ගැනිමේ යෝග්‍යතා පරික්ෂණයෙන් සමත්විමෙන් අනතුරුව මුලික ගුවන් යානා පුහුණුව සදහා අනුරාධපුර ගුවන් හමුදා කදවුරේ අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයට ඇතුලත්ව මුලික පුහුණුවිමි සිදු කිරිමෙන් අනතුරුව අංක 33 පියාසර ශිෂ්‍යය භට පාඨමාලාවේ  දක්ෂතම ගුවන් ශිෂ්‍යභටයා ලෙස  එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 1990 වසරේ ඔක්තොමිබර් මස 05 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගනිමින් ගුවන් නියමුවකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක් විය.     

තම සේවා කාලය තුල අති දක්ෂ ගුවන් නියමුවෙකු ලෙස කටයුතු කර ඇති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ¸ පුකාරා (PUCARA)  ප්‍රහාරක ගුවන් යානා පදවමින් ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙසත්  ප්‍රවාහන ගුවන් යානා ගුවන් නියමුවකු ලෙසත් CESSNA-150 (සෙස්නා -150),  Y-12 (වයි-12)   ඇවුරෝවි,  ෂමාශෙටිටි - - 260TP,   බිචි ක්‍රෆ්ටි -200T, AN 32,  (ඇන්ටනෝ -32)  සහ C -130 (සි-130) ගුවන්  යානා පදවමින් ප්‍රවාහන ගුවන් නියමුවකු ලෙසත් කටයුතු කර ඇත.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවෙකු හට ලැබිය හැකි ඉහලම ශ්‍රේණිගත කිරිම වන මාස්ටර් ශ්‍රින්  ශ්‍රේණිගත කිරිමට උරුමකමි කියන එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සිවිල් ගුවන් බලපත්‍රලාභියකු හා සිවිල් ගුවන් සේවයේ ගුවන් නියමුවෙකු සතු ඉහලම ශ්‍රේණිගත කිරිම වන  ගුවන් ප්‍රවාහන ගුවන් නියමු (ATPL) බලපත්‍ර ලාභියකු ද වන අතර  ගුවන් පැය 7000 අධික ප්‍රමානයක් පියාසර කර ඇති අත්දැකිමි බහුල ගුවන් නියමුවෙකු ද වෙයි. 

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ බටලන්ද ආරක්ෂක මාණ්ඩලික සේවා විද්‍යාලයේ උපදේශක නිළධාරියකු ලෙස කටයුතු කර ඇති අතර රුසියානු සමුහ ආණ්ඩුවේ ශ්‍රි ලංකා තානාපති කාර්‍ය්‍යාලට අනියුත්තව ආරක්ෂක උපදේශක කවුන්සල්වරයා ලෙස කටයුතු කරමින් විදේශ සේවා පදක්ම ද ලබා අති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ රත්මලාන අංක 2  ප්‍රවාහන බලඝණයේ අණදෙන නිලධාරියා ලෙසද ගුවන් හමුදා හිගුරක්ගොඩ වවිනියාව හා කටුනායක ගුවන් හමුදා මුලික කදවුරු අණදෙන නිළධාරියා ලෙසද කටයුතු කර ඇත. පසුව ඔහු ගුවන් ලේකම් ලෙසද කටයුතු කර ඇත.

එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ චිනවරාය ගුවන් හමුදා විද්‍යාපිඨයේ පිඨාධිපති ලෙස ද කටයුතු කර ඇති අතර නැගෙනහිර ගුවන් ආඥාපති ලෙස හා දක්ෂිණ ගුවන් ආඥාපති ලෙස කටයුතු කර ඇති  අතර අනතුරුව ගුවන් හමුදා ගුවන් මෙහෙයුමි අධ්‍යක්ෂක ලෙස හා ගුවන් හමුදා මාණ්ඩලික නිළධාරි තුමන් ලෙස ගුවන් හමුදාවේ තරනතුරු හොබවා ඇත.

සමුද්‍රීය බලඝණයේ නිරීක‍ෂණ ගුවන් යානා නියමුවෙකු ලෙස සිය මෙහෙයුම් ජීවිතය ආරම්භ කළ අතර 1989 වසරේදී අංක 2 බලඝණයේ වයි-12 ගුවන් යානා නියමුවෙකු වශයෙන් කටයුතු කරනු ලැබීය. එසේම මෙතුමන්, 1990 වසරේදී අංක 5 බලඝණයේ එෆ් 7 බීඑස් ^F-7BS) සුපර්සොනික් ප්‍රහාරක ජෙට් යානා නියමුවන් ලෙස බදවා ගන්නා ලද පළමු ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් නියමුවන් සයදෙනා අතරටද ඇතුලත් විය.  

1995 වසරේදී අංක 10 ප්‍රහාරක ජෙට් බලඝණයට අයත් කෆිර් ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකු වශයෙන් සේවයට එක් වු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් යානා බලගණයන් ත්‍රිත්වයටම අණදෙමින්  2007 වසර දක්වාම කෆීර් ප්‍රහාරක ජෙට් බලඝණයේ අණදෙන නිළධාරියා වශයෙන් කටයුතු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි