අංක 43 ගොඩබිම් ගුවන් ආරක්ෂක මූලික පාඨමාලාවේ‍ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පවත්වනු ලබයි
12:54pm on Friday 7th July 2023
අංක 43 ගොඩබිම් ගුවන් ආරක්ෂක මූලික පාඨමාලාවේ (LBAD) සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2023 ජූලි 04 වන දින ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂක අවි පුහුණු පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂක කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි එයාර් කොමඩොර් බිඒඑම්පි බාලසූරිය මහතා සහභාගි විය.

අංක 43 ගොඩබිම් ගුවන් ආරක්ෂක මූලික පාඨමාලාව නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන් භටයින් 34 දෙනෙකුගෙන් සමන්විත වූ අතර දින 75 ක දැඩි පුහුණුවකින් අනතුරුව විසිර ගියහ. මෙම උත්සවයේදී ගුවන් ආරක්ෂක මූලික පුහුණුව සාර්ථකව නිම කළ අභ්‍යාසලාභීන් 36 දෙනෙකු සහතික පත් ලබා ගන්නා ලදී.

පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස පියාසර නිලධාරී කේඩබ්සී රශ්මික සම්මාන දිනාගත් අතර ගුවන් භටයින් අතරින් හොඳම ගොඩබිම් ගුවන් ආරක්ෂක අවිකරු ලෙස ගුවන් භට සෙනුක එන්ඩිවයි තේරී පත් විය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කදවුරේ සියලුම නිළධාරීන්, සෙසු නිලයින් උපදේශකයින් සහ සෙසු නිළයින් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි