ගුවන් හමුදාධිපතිතුමන් සහ ජනපතිතුමන් අතර නිළ හමුවක්
2:16pm on Friday 7th July 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ගරු.රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් 2023 ජූලි 05 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු ගුවන් හමුදාධිපතිතුමන් ජනාධිපතිවරයා සමඟ පවත්වනු ලබන පළමු නිල හමුව මෙම හමුවෙන් සනිටුහන් වේ. සුහද සාකච්ඡාවේදී  එයාර් මාර්ෂල් රාජපක්ෂ මහතාට නව ගුවන් හමුදාපති ධූරයට පත් වීම පිළිබඳව ජනාධිපතිතුමා සිය සුභාශිංසන පළ කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ ජනාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි