නව ගුවන් හමුදාධිපතිතූමන් හට ආදි ආනන්දීය වෘතිකයන්ගේ සංගමය හා ආදි ආනන්දීය ක්‍රිඩා සංගමය විසින් උපහාර උළෙලක්
3:10pm on Monday 10th July 2023
කොළඔ අන්නද විද්‍යාලයෙන් බිහිවු පළමු ගුවන් හමුදාපතිතුමන් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 19 වන ගුවන් හමුදාධිපති තුමන් ලෙස පත්වු එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතා වෙත උපහාර දැක්විමේ උළෙලක් ආදි ආනන්දීය වෘතිකයන්ගේ සංසදය හා ආදි ආනන්දීය ක්‍රිඩා සංසදයේ සභාපති වත්මන් ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි

ආදි ආනන්දීය වෘතිකයන්ගේ සංසදය හා ආදි ආනන්දීය ක්‍රිඩා සංසදය විසින් සංවිධානය කරන ලද මෙම උපහාර උළෙල සදහා ආනන්ද විද්‍යාලිය විදුහල්පති තුමන් ආදි ආනන්දීය වෘතිකයන් ආදි ආනන්දීය ක්‍රිඩා සංසදයේ සාමාජිකයින් මෙන්ම ආදි ශිෂ්‍යයන් ඇතුලු පිරිසක් සහභාගි වු අතර මෙහිදි ආරක්ෂක ලේකම්තුමන් විසින් නව ගුවන් හමුදාධිපතිතුමන් වෙත සමරු තිලිණයක්ද ද පිරිනමන ලදි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි