ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිතුමන් අතර නිල හමුවක්
3:32pm on Monday 10th July 2023
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2023 ජූලි 06 වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවිය.

ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ නව පත්වීම සම්බන්ධයෙන් සිය සුභාශිංසන පළ කළේය. සාකච්ඡාවෙන් අනතුරුව, එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි