එයාර් වයිස් මාර්ෂල් නිහාල් ජයසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු දෙයි
3:43pm on Monday 10th July 2023
එයාර් වයිස් මාර්ෂල් නිහාල් ජයසිංහ වසර 35ක ජාතිය වෙනුවෙන් කැප වූ අභිමානවත් සේවයෙන් පසු 2023 ජූලි 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදි විශ්‍රාම ලබාගන්නා ලදී. ඔහු විශ්‍රාම යන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු තනතුර දැරීය.

2023 ජුලි 06 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ කාර්යාලයේදී නිල සමුගැනීමේ හමුවක් පවත්වන ලදී. වසර ගණනාවක් ජාතිය වෙනුවෙන් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ඉටුකළ සේවය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් ඔහුව ඇගයීමට ලක් කරන ලදී. අපගේ මාතෘභූමිය සඳහා අවශ්‍ය වූ කාලය තුළ ඔහු ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ බවත් ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතය ගුවන් හමුදා වංශ කතාවේ සටහන් වන බවත් ගුවන් හමුදාධිපතිතුමන් විසින් අවධාරණය කළේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ එයාර් වයිස් මාර්ෂල් ජයසිංහ මහතා අතර සමරු තිළිණ හුවමාරුවක් සිදු කරන ලදී. ඉන් අනතුරුව, ඔහු අවසන් වරට ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර 2023 ජූලි 07 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ඔහුට උත්සවාකාර ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

එයාර් වයිස් මාර්ෂල් නිහාල් ජයසිංහ මහතා 1988 මැයි 17 වැනි දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට 19 වැනි බඳවා ගැනීම්  කැඩෙට් නිලධාරියෙකු ලෙස  සම්බන්ධ විය. 1990 වර්ෂයේදී තාක්ෂණික ඉංජිනේරු අංශයේ නියමු නිලධාරියෙකු ලෙස පත් විය. චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ මූලික සටන් පාඨමාලාව, මූලික පරිපාලන පාඨමාලාව, ශාඛා පුහුණු පාඨමාලාව සහ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව හදාරා ඇති අතර  හොඳ අධ්‍යයන පසුබිමක් හිමි ශේෂ්ඨ නිළධාරීයකු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි