නව ගුවන් හමුදාධිපති තුමන් ශ්‍රි දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගන්නා ලදී
3:50pm on Monday 10th July 2023
නව ගුවන් හමුදාධිපති ලෙස පත්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා තම ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මහනුවර දළදා මාලිගාව වෙත පැමිණ ශ්‍රි දළදා වහන්සේ වැද  ආශිර්වාද ලබා ගැනීම 2023 ජුලි මස 08 වන දින සිදු විය.

නව ගුවන් හමුදාපතිතුමන් මල්වතු සහ අස්ගිරි විහාර වෙත ගොස්  මහනායක හිමිපානන් වහන්සේලාගෙන්  අශිර්වාද ලබාගත් අතර  පවුලේ සාමාඡිකයින් සමග කෞතුකාගාරය නැරඹීමටද යන ලදී.
 මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන ඉනෝකා රාජපක්ෂ මහත්මිය, ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන භාරකරු ප්‍රදීප් නිලංග දෑල ඇතලූ  පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි