දීඝවාපි සෑය සහ නීලගිරිසෑය ප්‍රතිසංස්කරණය කිරීමේ දෙවන අදියර ආරම්භ විය
9:08am on Friday 14th July 2023
දීඝවාපි සෑය සහ නීලගිරි සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ දෙවන අදියරේ සමාරම්භක අවස්ථාවට 2023 ජූලි 10  දින ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

සමාරම්භක උත්සවයෙන් අනතුරුව, නැගෙනහිර කලාපයේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් සමඟ රැස්වීමක් අම්පාර ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. මෙම අවස්ථා ස‍දහා අම්පාර ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ප්‍රභාත් මොල්ලිගොඩ විසින් කඳවුරේ සියලුම නිලයන් සමඟ සත්කාරකත්වය සපයන ලදී.
 
තවද මෙම අවස්ථාව සඳහා ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන, ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

දීඝවාපි සෑය


නීලගිරි සෑය
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි