ශ්‍රී ලංකා පදක්කම් සටහනට ගුවන් හමුදාවෙන් තවත් පදක්කම් දෙකක්
3:48pm on Tuesday 2nd February 2010
11 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව තම පදක්කම් ප්‍රමාණය ඉහල නංවාගනිත්දී ඒ පදක්කම් එකතුවට දායකත්වය දක්වන්නට තවත්  ගුවන් හමුදා ක්‍රීඩකයන් දෙදෙනෙකු සමත්කම් දක්වන ලදී.

එම පදක්කම් දෙකම සටහන් වූයේද බර ඉසිලීමේ ඉසව්ව වෙනුවෙනි. මෙහිදී නායක ගුවන් භට සමරසේකර විසින් කිලෝ ග්‍රෑම් 85 බර පන්තිය යටතේ තරඟ වදිමින් එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර කිලෝ ග්‍රෑම් 94 බර පන්තිය යටතේ තරඟ වදිමින් එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට ගුවන් භට  රන්සිලු ජයතිලක සමත්කම් දක්වන ලදී.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි