අංක 3 විවේකය හා විනෝදාස්වාද සැපයීමේ පක්ෂාංගයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනී
9:15am on Friday 14th July 2023
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 3 විවේකය හා විනෝදාස්වාද සැපයීමේ පක්ෂාංගයේ වන අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම ඊයේ 2023 ජූලි 12 දින සිදු විය. සම්ප්‍රදායික රාජකාරී භාරදීමේ හා භාරගැනීමේ පෙළපාලිය පක්ෂාංග පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්එස්ඒඑන්ඊ රාජපක්ෂ මහතා විසින් වින්ග් කමාන්ඩර් කේඑම්ජීඑච්කේඑච් ඩයස්  මහතා වෙත නව තනතුරේ වැඩ භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර්එස්ඒඑන්ඊ රාජපක්ෂ මහතා පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී පුද්ගල  II  තනතුරේ රාජකාරි භාර ගැනීම සඳහා ගුවන් හමුදා මූලස්ථානය වෙත අනුයුක්ත කරනු ඇත.

නව අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් කේ.එම්.ජී.එච්.කේ.එච් ඩයස් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ පිහිටි අංක 3 විවේකය හා විනෝදාස්වාදය සැපයීමේ පක්ෂාංගයේ අණදෙන නිලධාරී වශයෙන් පත්වීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ නිලධාරී අණදෙන පිරිස් සේවා වශයෙන් කටයුතු කර ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි