අන්තර් ඒකක සහ විවෘත ටෙනිස් තරඟාවලිය -2023
9:17am on Friday 14th July 2023
2023- අන්තර් ඒකක සහ විවෘත ටෙනිස් තරඟාවලිය 2023 ජූලි 04 වන දින සිට ජූලි 12 දක්වා ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ටෙනිස් පිටියේ දී පැවැත්විණි.

කොළඹ ගුවන් හමුදා කඳවුරු ටෙනිස් කණ්ඩායම කණ්ඩායම් ඉසව්ව ජයග්‍රහණය කර ශූරතා කුසලානය ලබා ගත් අතර 2023 අන්තර් ඒකක ටෙනිස් තරඟාවලියේ අනුශූරතාවය වීනවරාය විද්‍යාපීඨය විසින් දිනා ගන්නා ලදී. එයාර් කොමඩෝර් රජින්ත් ජයවර්ධන මහතා සහ ගෲප් කැප්ටන් සමන්ත වීරසේකර මහතා විවෘත ද්විත්ව කාණ්ඩයේ හා ප්‍රවීණයන්ගේ ද්විත්ව කාණ්ඩයේ ශූරතාවය දිනා ගත්හ. විවෘත කේවල සහ ප්‍රවීණ කේවල ඉසව්වල පදක්කම් පිළිවෙළින් කැඩෙට් නිළධාරී  ජයසුන්දර ජේ.එම්.වී.පී. සහ ගෲප් කැප්ටන් සමන්ත වීරසේකර මහතා දිනා ගන්නා ලදි.

ත්‍යාග ප්‍රදානෝත්සවය 2023 ජුලි 12 එම ස්ථානයේදීම පවත්වන ලද අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී විය. ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින්, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී, චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරී, ගුවන් හමුදා ටෙනිස් සභාපති, ක්‍රීඩා අධ්‍යක්ෂක, ඇතුළු ආරාධිතයෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි