කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
9:12am on Friday 21st July 2023
කටුනායක ගුවන් හමුදා කඳවුරු ගුවන් යානා ඉංජිනේරු පක්ෂාංගයේ (AEW) නව අණදෙන නිළධාරී තනතුර භාරදිම සහ භාරගැනිමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 ජූලි 14 වන දින සිදු කරන ලදී. එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් යුසිඡේ පියසේන විසින් ගෲප් කැප්ටන් ඒකේකේආර් අබේසිංහ වෙත නව තනතුර භාර දෙන ලදී.

නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් යූ.සී.ජේ පියසේන ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ වැඩ බලන අධ්‍යක්ෂ වෘත්තීය පුහුණු සහ අණදෙන නිලධාරී වශයෙන් පත්වීම භාරගැනීමට නියමිතව ඇත.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි