12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා බොක්සිං ශූරතාවලිය 2023 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා තරගකරුවන් විශේෂ දස්කම් දැක්වීය
9:31am on Friday 21st July 2023
12 වැනි ආරක්‍ෂක සේවා ක්‍රීඩා බොක්සිං ශූරතාවලිය 2023 ජූලි 12 සහ 13 යන දෙදින තුළ පනාගොඩ යුද හමුදා ශාරීරික අභ්‍යාස පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ගුවන් හමුදා කාන්තා කණ්ඩායම රන් පදක්කම් තුනක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සම ශූරියන් බවට පත් විය. මේ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 5ක් දිනා ගනිමින් සම අනුශූරතාව හිමිකර ගැනීමට සමත් විය.

කාන්තා අංශයේ "හොඳම බොක්සිං ක්‍රීඩිකාව" ලෙස සම්මාන දිනාගත් නායක ගුවන් කාන්තා කලුආරච්චි කේ.ඒ.ජී.එන් විසින් තරඟාවලිය පුරා විශිෂ්ඨ සටන් කුසලතා ප්‍රදර්ශනය කරන ලදී.

ප්රතිඵලවල සාරාංශය

කාන්තා
කාන්තා අංශයේ හොඳම බොක්සිං ක්‍රීඩිකාව - නායක ගුවන් කාන්තා කලුආරච්චි කේ.ඒ.ජී.එන්.

රන් පදක්කම් ලාභීන්
කෝප්‍රල් තිවංක ඩබ්ලිව්ඩබ්ලිව්ඒකේ (කිලෝ ග්‍රෑම් 69 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා කලුආරච්චි කේ.ඒ.ජී.එන් (කිලෝ ග්‍රෑම් 75ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා කුරේ එම්පීඑස්එස් (කිලෝ ග්‍රෑම් 60 ට අඩු බර කාණ්ඩය)

රිදී පදක්කම්ලාභී
නායක ගුවන් කාන්තා පෙරේරා කේකේඅයිටි (කිලෝ ග්‍රෑම් 57ට අඩු බර කාණ්ඩය)

ලෝකඩ පදක්කම්ලාභී
ගුවන් කාන්තා මල්ෂානි එල්අයිඑන් (කිලෝ 51 ට අඩු බර කාණ්ඩය)

පිරිමි
රන් පදක්කම්ලාභී
කෝප්‍රල් උදය කුමාර අයිපිඩිසි (කිලෝ ග්‍රෑම් 64ට අඩු බර කාණ්ඩය)

රිදී පදක්කම්ලාභීන්
කෝප්‍රල් මීගස්තැන්න එම්ඩබ්ලිව්එම්එම් (කිලෝග්‍රෑම් 91ට වැඩි බර කාණ්ඩය)
කෝප්‍රල් පුෂ්පකුමාර ඒඑම්එස් (කිලෝ ග්‍රෑම් 49 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට කුමාර එච්ඒඩබ්කේ (කිලෝ ග්‍රෑම් 81 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට විජේනාග ඩබ්ඡිඑන්සි (කිලෝ ග්‍රෑම් 69ට අඩු බර කාණ්ඩය)

ලෝකඩ පදක්කම්ලාභීන්
පියාසර නිලධාරි කේ සිඳුජන් (කිලෝ ග්‍රෑම් 56 ට අඩු බර කාණ්ඩය)
සැරයන් මධුෂාන් පී.ජී.ඊ (කිලෝ 52 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට ද සිල්වා ඡිඩබ්සි (කිලෝ ග්‍රෑම් 75ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට රත්නායක ආර්.එම්.එස්.කේ (කිලෝ ග්‍රෑම් 60 ට අඩු බර කාණ්ඩය)
නායක ගුවන් භට සිල්වා එච්.එම්.පී.කේ (කිලෝ ග්‍රෑම් 91 ට අඩු බර කාණ්ඩය)

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි